
එහි පැමිණි සිටි සෘෂිවරයෝ, මේ වසංගත රෝගය සුවකිරීමට අපි දන්නා ඖෂධප්‍රමාණ නොවන හෙයින් කුමක් කරමෝදැයි පශ්වාත්තාප වූවාහුය. එය පෙන්වා දක්වන චරක මෙසේ කියයි.
ධර්‍මාථිකාම මෝක්ෂාණාමාරොග්‍යං මූල ම්ත්තමම්
රෝගාස්තස්‍යාපහර්‍තාරඃ ශ්‍රෙයයො ජීවිතස්‍යච
ප්‍රාදුර්භූතො මනුෂ්‍යාණා මන්නරායො මහානයම්
කඃ ස්‍යාත්තෙෂාං සමොපාය ඉත්‍යුක්ත්වා ධ්‍යාන මාසථිතාඃ (චරක සූත්‍ර 1-15,16)
“ධාර්මිකව ජීවත්වීම, වස්තු සැපයිම, වස්තුවෙන් ප්‍රයොජනය ගෙන සැපසේ ජීවත් වීම, සහ පසු ආත්මයෙහි දෙව්ලොව සැප ලබාගැනීම ආදී සියල්ලටම ප්‍රධානවන්නේ නිරෝගීව ජිවත් වීමට හැකිවිම වෙයි. මේ කාලයෙහි ඒ සියල්ල පමණක් නොව, සාමාන්‍ය වශයෙන් ජීවතවීම පවා මේ රෝගපැතිර යාමෙන් නැතිවි ගොස් තිබේ. මෙසේ මනුෂ්‍යයාගේ යහපත විනාශ කර දමන ඉතාම බරපතල වු වසංගත රෝගයක් පැතිර යන්නේය. “ අහෝ! අපි කවරාකාරයකින් මේ වසංගත රෝගය නිවාරණය කරන්නමෝද”? යනුවෙන් පවසා ඒ මහාසෘෂිවරයෝ ධ්‍යානයට සමවැදුනාහුය” යනුයි.
අථතෙශරණං ශක්‍රං ද දෘශුර්ධ්‍යාන චක්ෂුසා
ස්වක්ෂ්‍යති යමොපායං යථාවදමරප්‍රභූඃ (චරක සූත්‍ර 1-17)
“ මෙසේ ධ්‍යානයට සමවැදී සිටින විට, දිව්‍යඥාන අනුසාරයෙන්, මීට ඇති එකම පිහිට නම් ශක්‍ර දේවයාගේ පිහිට පමණක් යැයි පෙනී ගියහ. එහෙයින් “ දෙවියන්ගේ නායක වු ශක්‍ර දෙවියා මේ වසංගත රෝගය සමනය කිඍිම පිණිස උපායක් පෙන්වා දෙනවා ඇතැයි” ඒ සෘෂිවරයෝ පැවසූහ.
ශක්‍ර භවනට කවරෙක් පිටත් කරන්නමෝදැයි සෘෂිවරයෝ සාකච්ඡා කරනා විට, භාරද්වාජ නම් සෘෂිවරයා එහි යෑමට කැමැත්ත පෙන්වීය.
කඃ සහස්‍රාක්ෂභවනං ගච්ඡත් ප්‍රෂ්ටුං ශවීපතීම්
අහම් අර්‍ථෙ නියුජ්‍යෙය මත්‍රෙහි ප්‍රථමංවචඃ
භාරඞාජෝ’ බ්රවීන්තස්මාදෘෂිභිඃ ස නියොජිතඃ (චරක සූත්‍ර 1-18,19)
“ ඇස් දහසක් ඇත්තාවු, ශචීගේ හිමියා වු, ශක්‍රයාගෙන් විමසා බැලීමට කවරෙක් යන්නේදැයි යන ප්‍රශ්නය මතුවු විට, එය විමසා බැලීම පිණිස මා පිටත් කර යැවිය යුතුය යි පළමු කොටම භාරද්වාජ සෘෂිවරයා පැවසුවේය. එහෙයින් සෘෂිවරයින් විසින් භාරද්වාජ සෘෂිවරයා ඒ කටයුත්ත පිණිස පිටත්කර යවන ලදහ.”
“භාරද්වාජ” සෘෂිවරයා තෙමේම දෙව්ලොවට ගිය බව චරක මෙසේ පෙන්වයි.
ස ශක්‍රභවනං ගත්වා සුරර්ෂිගණ මධ්‍යගම්
දදර්‍ශ බලහන්තාරං දීප්‍යමාන මිවානලම් (චරක සූත්‍ර 1-20)
“ ඒ භාරද්වාජ ශක්‍ර භවනට ගොස්, දෙව්ලොව දිව්‍ය සෘෂින්ගේ මධ්‍යයෙහි ගිනිජාලාවක් බැබලෙන්නාක් මෙන් දිලිසෙමින් විරාජමාන වු, “බල” නම් අසුරයා විනාශ කර දැමු ශක්‍ර දෙවියා දුටුවේය.” යනුයි.
“ එක්තරා කලෙක (යම්කිසි කලෙක) මනුෂ්‍යයින්ගේ තපස් රැකීම, උපවාස කර සිල්රැකීම, ශාස්ත්‍ර හදාරණය, බ්‍රහ්මචර්‍ය්‍යාව රැකීම, ව්‍රත හෙවත් ආගමානූකූල නීති රීති අනුව ජීවත් වීම, ස්වාස්ථිතිය ආරාක්ෂා කිරීම යනාදියට පටහැණිව වසංගත රෝග ඇතිවී පැතීරි යන විට සකල සත්ත්වයා කෙරෙහිඅනුකම්පා පූර්‍වකව , පින්වත් වූ ක්‍රියාවන්හි නිරත වූ මහා සෘෂිවරයෝ හිමාල පර්‍වත පාර්ශවයෙහි එක්තරා සුදුසුපෙදෙසෙක රැස්වුවාහුය”. (සෘෂිවරයො සිවු කොටසකි. එනම් “දිව්යර්ෂි” හෙවත් දෙවුලොව ආශ්‍රය කරනා සෘෂිවරුද, “මහාර්ෂි” හෙවත් මනුලොව සිටින උසස්ම සෘෂිවරයෝද, “සෘෂි” හෙවත් සාමාන්‍ය සෘෂිවරයෝද, “සෘෂිකා” හෙවත් සාමාන්‍ය සෘෂිවරයන්ට පහතින් සිටින සෘෂිවරයෝද වෙත්.) මේ ස්ථානයට රැස්වුයේ මහාර්ෂිවරු ප්‍රධාන අනෙකුත් සෙසු සෘෂිවරයො වෙති.