
ආයුර්‍වෙද ශාස්ත්‍රයෙන් බලාපොරෝත්තු වන යහපත පිළිබදව,
සුශ්‍රැත මෙසේ කියයි.
ආයුරශ්මින් විද්‍යතෙ’නෙන වා ආයුර්වින්දතීත්‍යායුර්වෙදඃ
“ ශාරීර, ඉන්ද්‍රීය, සත්ව ආත්ම ආදී සියල්ල එකතුවීම ආයුෂ නම් වේ. ඒ ආයුෂ පිළිබද වු විස්තරය මේ ශාස්ත්‍රයෙහි විද්‍යාමාන හෙයින් “ආයුර්‍වෙද” නම් වේ. ඒ ආයුෂ පිළිබද වු ඥානය සහ දීර්‍ඝායුෂ ඇති කර ගැනීමේ සහ ස්වාස්ථිතිය ආරක්ෂා කර ගැනීමේ ඥානය පිළිබදව ද උපදෙස් දෙන හෙයින් මේ ශාස්ත්‍රයට ආයුර්‍වෙද යන නම් යෙදේ.”
(සුශ්‍රැත සුත්‍ර අධ්‍යාය 01-13)
චරක මෙසේ පවසයි.
හිතාහිතං සුඛං දුඃඛ මායුසතස්‍යහිතා හිතව මානංච තවව යත්‍රොක්ත මායුර්‍වෙදඃ ස උච්‍යතෙ
“ යහපත් ජීවිතය, අයහපත් ජීවිතය, සැප සහිත ජීවිතය, සැප රහිත ජීවිතය යන සිව් ආකාර ජීවිතයන්ගෙන් (හෙවත්, හිත ආයුෂ, අහිත ආයුෂ, සුඛ ආයුෂ, දුඃඛ ආයුෂ යන සිටි ආකාර වු ආයුෂ අතුරින්) යහපත් ජිවීතය සහ සැප සහිත ජීවිතය ගතකීරිම පිළිබදව උපදෙස් පෙන්වන ශාස්ත්‍රය ආයුර්‍වෙද නම් වේ.”
(චරක සූත්‍ර අධ්‍යාය 01-41)
ආයුර්‍වෙදය ඉගෙනීමෙහි ඇති ප්‍රයෝජනය පිළිබදව මෙසේද විස්තර කෙරේ.
චරක මෙසේද පවසයි.
ප්‍රයොජනංචාස්‍ය ස්වස්ථස්‍ය ස්වාස්ථ්‍ය රක්ෂණ මාතුරස්‍ය විකාර ප්‍රශමනංච.
“ නිරෝගී අයගේ සනීපාරක්ෂාව ඇති කරදීමත්, රෝගී අයගේ රෝග සුවකර දීමත් මේ ශාස්ත්‍රයෙන් ඇතිවන ප්‍රයෝජන යන් වෙති.”
(චරක සූත්‍ර අධ්‍යාය 30-26)